Friday, June 5, 2015

Obe Ru Diyamatha


DSLR කැමරාවක් යනු

DSLR කැමරාවක් යනු Dital Single Lenses Reflex කැමරාවකි. මෙහි විශේෂය නම් ඡායාරූප ගැනීමත් දර්ශනය නැරඹීමත් එකම කාචයක් හරහා සිදුවීමයි.
කාචයකින් ලැබෙන රූපය උඩු යටිකුරු වන බැවින් මෙම වර්ගයේ කැමරාවන්හි එය නිවැරදි කරගනු ලබන්නේ කැමරාව තුළ ඇති දර්පනයක් මඟිනි. Reflex වූයේ එබැවිනි.
කාචය ගලවා වෙනත් කාච සවි කිරීමට හැකිවීම නිසාද මේ කැමරාව වර්ගය සඳහා විශාල ප‍්‍රමාණයක් අමතර උපකරණ නිපදවා ඇති නිසාද DSLR කැමරාව නූතනයේ වඩාත්ම ජනප‍්‍රිය කැමරාව වෙයි.

කැමරාවක හැකියාව යන කරුණ යටතේ සැලකූ විට වැඩි හැකියා පරාසයක් ඇත්තේ DSLR කැමරාවලය.  

Jpeg හා RAW

ගන්නා ඡායාරූප RAW ගොනු ලෙස සුරැකීමෙන් සෙන්සරයෙන් ලබා ගන්නා සම්පූර්ණ පික්සල් ගණන එලෙසින්ම රඳවාගත හැකි වෙයි. එලෙසින්ම අනාවරනය, උච්චාලෝක, මන්දාලෝක තියුණුකම, වර්ණ උෂ්ණත්වය රේසලූෂනය හා තවත් ගුණාංග පහසුවෙන් පාලනය කළ හැකි වෙයි. පසු පිරියමේ දී නිවැරදි කරගැනීම් කරගැනීමට එහි ඇති හැකියාව ඉතා පළල්ය.

සෙන්සරයේ සම්පූර්ණ පික්සල් ප‍්‍රමාණයෙන්ම රූපය සුරැකෙන බැවින් ඒ සඳහා මෙමරි පතේ වැඩි ඉඩකඩක් වියදම් වේ. වැඩි ධාරිතාවකින් යුත් මෙමරිපත් භාවිත කිරීමට සිදු වේ.

රූපය Jpeg වලින් සුරකින්නේ නම් වැඩි රූප ප‍්‍රමාණයක් රූපගත කළ හැක්කේ එහි පික්සල් අඩු කර සුරකින බැවිනි. පික්සල් අඩු කළ ද සාමාන්‍ය භාවිතය සඳහා එය උවමනාවටත් වඩා සෑහෙන්නේය.